Sunday, June 19, 2011

මගේ කාමරය ..........


ඒයි යාලු  ,  මේ උඹට උඹේ කාමරයේ මොනව හරි වෙනසක්  තිබුනොත් ( මම කියන්නෙ උඹ කොහේ හරි ගිහින් එද්දි කාමරය තිබුණ විදියට නැතිනම් ) මොකද හිතෙන්නෙ ? කිසිම හැඟීමක් නැති වෙනවද? ගාණක් නැති වෙනවද? චිහ් ..එහෙනම් උඹ වාසනාවන්තයි බං . මට මං ගැනම දුක හිතෙනව , මට එහෙම ඉන්න බෑ බං .මේක තමා මට තියෙන ලොකුම හෙණේ ..මම ගොඩක් අයගෙන් බැනුම් අහන ,ගොඩක් අය එක්ක තරහ වෙන හේතුව .මට ලෝකෙ දැක්කහම අන්ද මන්ද වෙන හේතුව..මගේ කාමරය කොච්චර අපිළිවෙලට  තිබුණත් මම කැමති නෑ කවෘවත් ඒක අස්කරනවට..ඇත්තෙන්ම මගේ කාමරයට එන්න අවසර තියෙන්නෙ අපේ අම්මට විතරයි ..ඒත් අම්මවත් මගේ කාමරය අස්පස් කරනවට මම කැමති නෑ ..ඒ මගේ කාමරය  ,ඒකෙ තියෙන හැමදෙයක්ම තියෙන්නෙ මම කැමති විදියට ..මම දකින පිළිවෙලට..මම කැමති පිළිවෙලට ..





අපි මිනිස්සු ..එහෙමත් නැතිනම් අපි අපිටම කියාගන්න විදියට අනිත් සත්තුන්ට වඩා සිතීමේ විමසීමේ හැකියාවක් තියෙන අය. මටනම් මේ කථාව පිළිගන්න බැහැ . මිනිස්සුන්ටයි අනිත් සත්තුන්ටයි අතරේ තියෙන වෙනස බුද්ධියමද ? මම අහල තියෙන විදියටනම් එහෙමයි හැමෝම කියන්නෙ ..ඒත් එහෙනම් ඇයි හැම සතෙක්ටම ආත්ම ආරක්ෂාවට මොනව හරි තියෙන්නෙ ? ඇයි ගහක් උනත් අව්ව ,ඉර එළිය හොයාගෙන යන්නෙ? තමන්ට කන්න දෙන කෙනාට සලකන්නෙ? මේ බුද්ධියක් නැති නිසාද?  ඕව බොරු කථා බන්. මම දැකල තියෙන වෙනස තමා සත්තුන්ට හිනාවෙන්න බැරි එක. ඔව් උන්ට හිනාවෙන්න බෑ .අපිතරම් ලස්සනට, එක එක තාලෙට. ඒත් මේ ජරා මිනිස් සත්තු ඒකවත් හරියට කරන්නෙ නෑ . මනුස්සකමා හිනාඋනහම උන්ගෙ ප්‍රතිචාරය මට නම් දරාගන්න බෑ ..හොම්බට දමල අනින්න හිතෙනවා . පාරෙයන බල්ලෙක් තවත් බල්ලෙක් දැක්කොත් ඌ වටේ කැරකෙනව , බුරනව . සමහර විට ඒ උන් හිනාවෙන විදිය වෙන්න ඇති . ඒත් ඒකතෙකම තාලෙනෙ බන් .ඒත් මිනිස්සුන්ට කොහොම හිනාවෙන්න පුලුවන්ද ? කථාබහ කරන්න පුලුවන්ද? නොදකින් අපේ උන් , ජාති ,කුල ,මල , වත්කම් ,උගත්කම් ශිහ් !!! කීයක් නම් දේවල් හොයනවද?




අකුරක් දෙකක් දන්න එවුන් , උපාධි කාරයො , කොම්පූටර් කාරයො මුන්ගෙ ඔලු වල තමා ලොකුම  විශබීජ තියෙන්නෙ. ගමේ , එහෙමත්  නැතිනම් ස්කීම් එකේ , වත්තෙ ,පංසලේ ,පල්ලියේ ,කෝවිලේ  තියෙන කිසිම පොදු වැඩකට යන්නෙ නෑ . මිනිහෙක් හරියට ආශ්‍රය කරන්නෙ නෑ .ගෙයි බිල්ලො වගේ ඉඳගෙන ලෝකෙ නැති දේවල් ,ආර්ථිකය , සමාජය ගැන වාද, විවාද. හැමෝම එහෙම නෑ .ඒකත් කියන්න ඕනෙ.පොළොවෙ අඩිය ගහල ඉන්න කොල්ලො ,කෙල්ලො ඕන තරම් ඉන්නව .ඒත් ගොඩක් එවුන් එහෙමයි .උන්ගෙන් එළොවටත් මෙළොවටත් වැඩක් නෑ . මගේ යාළුවෙක් ඉන්නව . ඌ කොළඹ කැම්පස් එකේ ඉගෙන ගන්නව , අර චාටර් ද චාටඩ් ද මන්ද විභාගෙත් ෆයිනල් වෙනකල් ම කරල තියෙන්නෙ . මූ මුලු ගමෙන්ම කථා කරන්නෙ මාත් එක්ක විතරයි .මොන එකකටද කියල මම නම් දන්නෙ නෑ . මගෙ ඇති උගත් කමකුත් නෑ. ඒත් ඉතිං ඌ කතාකරන නිසා මමත් කථාකරනව. මේ ලඟදි මං ඇහුව මොකෝ බං අපේ කොල්ලො එක්ක කතාබහ නැත්තෙ කියල.මූ කියනව උන් එක්ක මොනවද බං මට කථාකරන්න තියෙන්නෙ .මට හරියන යාළුවො ඕන තරම් මට ඉන්නව කියල . ඔහොම ඌ මාර වදන් ටිකක් දීගෙන ගියා .මටත් මොකද්දෝ කේන්තියක් ගියා මූ ගැන . මං කිව්ව මමත් උඹට හරියන එකෙක් නෙවේ..මේ කියන විදියට මට උඹව කොහොමත් හරියන්නෙ නෑ .මට උඹ එක්ක කථාකරනැකත් ලැජ්ජාවක් කියල මම ආව. මමත් දැන් ඌ එක්ක නෝ කථා නෝ සිනා...







ඔය මොක මොක කිව්වත් එක එක තාලේ  මේක තමා  මිනිහෙක් ට මිනිහෙක් හැටියට ලස්සනට ජීවත් වෙන්න පුලුවන් රට කියල තමා මට දැනෙන ,දන්න තරමට හිතෙන්නෙ. මම හරිද වැරදිද දන්නෙ නෑ . ඒත් අපේ රටේ ලෝකෙ කිසිම රටක මම අහල දැකල නැති ලස්සන සිරිත් විරිත් ටිකක් , සංස්කෘතියක් තියෙනව . තාමත් චුට්ටක් හරි ඉතුරු වෙලා තියෙනව . ඒත් ඉතිං ඒකත් හිතාගන්න බැරි තරම් ඉක්මනට වෙනස් වෙනව . අපේ ආත නිවාඩු යන්න කලින් මම ගොඩක් එයා එක්ක කථාබහ කරන්න පුරුදු වෙලා හිටිය ඒ කාලෙ ගැන . දන්නෙ නැද්ද ඉතිං මම ආතගෙන් අහන්නෙ දහම් කරුණු අරව මේව නෙවේ ,ඔය හීනියට ෆන් එකක් ගන්න හිතාගෙන මොනව හරි අහනව . " ආතෙ, ඒකාලෙ ගෑණු කීයක් එක්ක යාලු වෙලා හිටියද" ඔය වගේ ඒව තමා වැඩි පුරම අහන්නෙ.   දවසක් ආත කිව්ව එයා අම්මල තුන් දෙනෙක් ගෙන් කිරි බීල තියෙනව කියල . මං උඩ ගියා ....ඇහුව ඒ කොහොමද කියල .සීයගෙ තාත්ත ඒ අවුරුදු පහ හයට ගෑණු තුන්දෙනෙක් එක්ක දීග කාල. මට ඕක හෙන අවුලක් වෙලා ශේප් එකේ දවසක් ඉස්කෝලෙ සර් කෙනෙක්ගෙන් ඇහුව . "ලිංගික නිදැල්ලේ හැසිරීම " කියල එකක් තමා සර් කිව්වෙ . තමන් අකමැතිනම් තමන්ගෙ මිනිහට හරි ගෑණිට හරි කෙලින්ම ගමේ වෙන කෙනෙක් එක්කම ඒ ගෙදරට වෙලා පවුල් කනවලු, කිසි තරහ මරහක් නෑලු  ,ළමයටත් කිරි දීල යනවලු .  ගමක හිටියොත් අම්මෙක් නැති කුඩා කිරිදරුවෙක් ගමේ අනිත් ගෑණු අය ඒ ළමයට කිරි දෙනවලු , හදාවඩා ගන්නවලු  ඒකට අද අම්මල , පුදුම තාලෙට වෙනස් වෙලා ..තමන්ගෙ එකා විතරයි අනිත් අය ළමයි නෙවේ. ගම්වල තිබුණ මේ වගේ ලස්සන පුරුදු නැතිවෙලා , හූනියම් ,කොඩිවින විතරක් ඉතුරු වෙලා . මට වෙලාවකට හිතෙනව අර අපි ඉස්කෝලෙදි ඉගෙන ගත්ත " ඉහළ යන බඩු මිල පහලට අනම්‍යයයි " කිව්ව වගේ    " අව්‍යාජ සිතිවිලි සියල්ලක්ම අතීතයට උරුමයි" වගේ කියමනක් වත් තියෙනවද කියල . අනේ මන්ද ... මට වෙලාවකට මං ගැනම ලැජ්ජ හිතෙනව  . මම මහ පසුගාමී අදහස් තියෙන ගොරකයෙක් ද කියල.  චුට්ටක් මං ගැන, මගේ සතුට ගැන හිතල බැලුවොත් , මම කියන්නෙ අතීතයේ අන්ධකාරයට වශී උන කෙනෙක් , මම අද , මේ ගෙවෙන මොහොත සාපයක් ලෙස සලකන්නෙක් , අනාගතය කිසිදා නොයෙයි කියල හිතන එකෙක් ...මං කොච්චර සතුටින් හිටියත් , යාළුවො ,මිනිස්සු කීදෙනෙක් මැද හිටියත් සෑහීමකට පත් නොවන්නෙක් ..




ලෝකය කියන්නෙ තමාගෙම හිතලු , එහෙනම් මේ මගේ ලෝකයයි ..අන්ද මන්දගේ ලෝකයයි  ,ඒත් මගේ ලෝකය මට ඕන තාලයට තියෙන්න ඕනෙ, මට ඕන තාලයට දකින්න ඕනෙ . ඒත් මගේ ලොකෙයි මගේ කාමරයෙයි අතර වෙනසක් නෑ බං . මම ආසයි මගේ ලෝකෙ මට ඕන තාලෙට දකින්න ,විඳින්න . ඔව් ඒ ලෝකෙ ගොඩක් ලස්සන වෙන්න ඕනෙ , මට ඕනෙ පිළිවෙලට තියෙන්න ඕනෙ . මට තනියෙම මේ ලෝකෙ හදාගන්න වත් ජීවත් වෙන්නවත් බෑ . උඹත් මට උදව්වක් කරපන් . මනුස්සයෙක් වගේ තවත් මනුස්සයෙක් ආශ්‍රය කරපන් . බොරු ආඩම්බරකම් ,ලොකු කම් පැත්තකට විසි කරපන් .



අතීතය
පල්වෙන මඩ වලකි
අනතීතය අයාලේ යන සුපිරිසිදු ගංගාවකි
අතීතය නෙක මල් සුවඳින් පිරි විලකි 

   


3 comments:

  1. හික්, කාලකට ඉස්සර මගේ කතාව ගෙඩිය පිටින්ම උඹ ලියල තියෙන්නෙ. වටේ තියන බිත්තර කට්ටි බිඳගත්තම ගොඩක් දෙනා ඇතුලෙන් ඔයවගේ බං.

    ඉඳල හිටල බ්ලොග් කියවපන් වෙලාව තියන හැටියට. මාත් උඹව දැනගත්තෙ මයෙ පෝස්ට් එකකට දාපු කමෙන්ට් එකකින්නෙ.

    ReplyDelete
  2. මයේ කාමරෙත් එක්ක බලද්දී උඹ දිනුම් බං....

    ReplyDelete
  3. මම කැමති ජාතියේ බ්ලොග් එකක්...අතපය දිගඇරලා තව ලියන්න...

    සුභ පැතුම්!

    ReplyDelete