මූලය........




අම්බානෙකට බඩ පිරෙන්න කෑවට පස්සෙ එක එක අය එක එකදේවල් කරනව..සමහරු සිංදු අහනව..සමහරු ඔහේ ඉඳගෙන ඉන්නව..සමහරු නිදියනව...ඔයා දන්නවද ? පෙළක් එවුන් ඔය මොකවත් නොකර පොරටෝක්ස් දෙනව තමංටම..එක්කො හිතෙන් නැත්තං වෙන විදියකින් ..උන් එහෙම කරන්නෙ තමංගෙ පඬි වදන් අහන්න කවුරුත් නැති නිසා..ඔයාට කියන්න සිරාවටම මමත් එහෙම එකෙක් තමා .. මේ උඹටත් වෙන වැඩක් නැත්තං මේකවත් කියවහං...මම දන්නව කාට මෝඩය උනත් මං මටම පංඩිතයෙක් කියල ..ඔයත් එහෙම නේද? ඔන්න එහෙනං ගහට ගහක් මුණ ගැහෙන්නයි යන්නෙ නෙට් එකේදි...





ඇත්තටම අපි පුදුම සත්තු කොට්ටාසයක් නේද? හරිම අහිංසකයි..වෙලාව ආවහම ඊටත් වඩා දරුණුයි ..මං අහල තියෙන විදියට මේ ලෝකෙ හැම ජීවියෙකුටම ජීවිත ආරක්ෂාවට මොනව හරි මගුලක් එහෙමත් නැත්නම් ආයුධයක් දීල තියෙනව ස්වභාවයෙන් එහෙමත් නැත්නම් ඊශ්වරය ඒත් නැතිනම් මහා මැවුම්කරුවා එහෙමත් නැතිනම් වෙන මොකෙක් හරි එකෙක්..හැබැයි අපිටනම් දීල තියෙන්නේ මාරම ආයුධ සෙට් එකක්.. මොළයක් කෙලින් හිටගන්න පුලුවන් ශරීරයක් සහ ඉක්මනටම නරක්වෙන හදවතක් ..ඇත්ත තමා මේ තුංගොල්ලො එකතු උනාම කරන්න බැරි මගුලක් නෑ..ඕනෑම ජරා වැඩක් කරන්න මුන් තුන්දෙනාට පුලුවන් .ඔක්කෝටම වඩා දරුණු මෙලෝ හැඩයක් නැති මොළ ගෙඩිය..මේ මොළ කාරයයි හදවතයි කියන ජෝඩුව නම් ගොඩක් වෙලාවට කෙල්ලයි කොල්ලයි වගේ තමා ..ගොඩක් වෙලාවට කොච්චර හරි රණ්ඩුවෙලා මැට් වැඩකටම තමා සෙට් වෙන්නෙ ...එකෙක් හා කිව්වොත් අන්නික බෑ කියනව එත් අන්තිමට උන් දෙන්න එකතුවෙලා ශරීර කූඩුවට වද දෙනව..මේ ඩබලෙ ලව් එක නම් කොහොම පටන් ගහ්තද කියන්න මම දන්නෙ නෑ ඒත් බුදු හාමුදුරුවො නම් කියල තිබ්බෙ "දූරං ගමං ඒකචරං අසරීරයං ගුහාසයං "කියල තමා මට මතක ඒ කියන්නෙ මුන් දෙන්න ගෙ එකතුවේ ප්‍රතිපලය එහෙමත් නැත්නම් මුං දෙන්නගෙ දරුව..අපි ඌට කියන්නෙ හිත කියල..මේක එකා උනාට යකා..අර කිව්ව තුංකට්‍ටුවේ එකතුව....මම අන්ද මන්ද උනේ මූ නිසා...මාව අන්ද මන්ද කලෙත් මූ තමා..



දවසක් අපේ මාමා ගමනක් යන්න ලැහැස්ති වෙලා මට කිව්ව මේ අර නාමලයගෙ ත්‍රීවීල් එකට කතාකරපංකො ගමනක් යන්න තියෙනව කියල..මල සේකයි..උගේ නම්බර් එකෙක් වත් නැහැ ෆෝන් එකේ.කාහංකො දැන් ඉතිං අමු කට්ටක් ..පාක් එකට පයින්ම අදින්න වෙනව බර දාලම..මාමටම අමතකයි එයාම කියන කම්මැලි කමේ සංකේත්ය මං කියල..එල්ලෙන්න වැලක් නැති නිසා මං කිව්ව නාමල්ම ඕනෙ නෑනෙ වෙන එකෙක් එක්ක යන්න කියල.ඊට පස්සෙ මාම කියපි එහෙනම් උඹම හයර් එක දීපං කියල.අනේ ඉතිං මොන කතාද තව ඉතිං ..දිල්‍තෝ පාගල් හේ තමා.එත් ඉතිං හවස මාම කිව්වෙ නම් උඹේ නාමල් යාලුවා මරු බං කියල ..



ඔන්න ඔහොමයි සිද්ද උනේ..මට මේ සීන් එක මතක් උනේ මොකද දන්නවද .මං හිතන විදියට..(දැක්කනෙ අර සත්තුංගෙ හැටි මං මං මං අන්තිමට උමං) මාව අන්ද මන්ද නොකර ලස්සනට ජීවත් වෙන්න උඹල ,ඔබ තුමාල ,ඔබ තුමීල , ඔය එක කෙහෙල්මලක්වත් ඉගෙන ගන්න ,අවුස්සන්න ඕනෙ නෑ..වචන දෙකයි දැන ගන්න ඕනෙ ..ඒ තමා යුතුකම් සහ වගකීම් ..දැන් බලන්ඩකො අපේ මාම නාමලයට.

එන්න කිව්වෙ අඳුරන කමට ..ඊටත් වඩා හැඳිනුම් කමට කීයක් හරි අඩුවෙන් ගමන යන .. .ඒත් වෙලා තියෙන්නෙ අරූ වැඩිපුර රුපියල් පනහක් අරගෙන ..මෙහේ අම්බානට බනිනව මට..මේ නිකමට හිතපංකො ..අපේ මාම නිකමට හිතුවනං ආ මූ අපේ කොල්ලෙක් නෙ රුපියක් විස්සක් තිහක් වැඩිපුර දෙන්න ඕනෙ කියල..අර මැටි හරක නාමලය හිතුවනම් අඩෝ මේ අපේ කොල්ලගෙ මාම කාරයනෙ ..කීයක් හරි අඩුවෙන් ගන්න ඕනෙ කියල..හා.... දැන් මොකද සීන් එක ..අලුත් කපල් එකක් වගේ මාම කියනව නාමල් මේකත් තියාගන්න තේ එකක් වත් බොන්න..නාමලය කියනව ඕනෙ නෑ අංකල් තුන්සීයක් එපා මට දෙසීය පනහක් දෙන්න දන්න කියන අයනෙ කියල..ඔහොම ගිහින් වැඩේ කචල් වෙලා අන්තිමට නියම හයර් එකම නාමලය කියනව ..හරි හරි අංකල් තුන්සීයක් දෙන්නකො එහෙනම් කියල..ඒත් කරුමෙ කියන්නෙ බං එහෙම උනේ නැහැනෙ ......කෙහෙල්මල .පැත්තකටවෙලා ඉන්න මම ඔහේ බැනුම් අහුව...ඕවට තම අන්ද මන්ද් වෙන්නෙ ...ඔය වගේ සීන් කොච්චර උනාද බං මේ පොඩි වයසට..හිත කියන නරුමයා තමා මාව පිස්සෙක් කලේ ..අන්ද මන්ද කලේ...ඕව හින්ද තමා ..මම එකක් කියන්නම් ඔය අයිතිවාසිකම් හිමිකම් කියල් කෙහෙල් මලක් නෑ බන් ...ඕව නොහිතුවනම් අපේ කට්ටිය මම චාටර් කන්නෙ නෑ ..අද උනත් කොහේ හරි යන්න සෙට් උනොත් මාම කිණ්ඩියට මට ඇහෙන කියනව අර නාමලයටවත් එන්න කියහ්ංකො බං කියල..


No comments:

Post a Comment