Wednesday, July 13, 2011

උඹ ආස නැද්ද මචෝ ?


















පොස්ට් එකක් ඩ්‍රාෆ්ට් කරන එකේ කිසි ගතියක් නෑ  අප්පා ... ඒක හරියට ගිය මාසෙ පත්තරයක් පුස්තකාලෙට ගිහින් බලනවා වගෙ වැඩක් .. අනේ මන්ද ඒ මට හිතෙන හැටි වෙන්න ඇති .මොන කෙහෙල් මලක් උනත් අදනම් කරන්නම දෙයක් නෑ ..නිදාගන්න නම් බෑ .දැන් වෙලාව පාන්දර  තුනයි . අද ඉන්නව එළිවෙනකල් ඇහැරිලාම. මට නම් පිස්සු . මේ පිස්සුවත් ඩබල් ට්‍රිබල් වෙලායනව මගේ ඩෙස්ක්ටොප් එක දැක්කහම. මම මේ කල්පනාකලේ ඇයි මට මේ ගැජ්ට් එක මේ ෆොටෝඑකේ මෙතනින්ම තියන්න හිතුනෙ කියල.  සිරාවටම කියනවනම් ඒක ඉබේම වෙච්ච දෙයක් . ඒත් දැනුයි මට ඒ ගැන හිතෙන්නෙ . අනේ මන්ද චන්ද. 


බනින්නෙ නැතිනම් පොඩි බඩ්ඩක් කියන්නද ? මේ මගේ දින චරියාව මේ දවස්වල . අදනම් උදේ දොලහමාරට ඇහැරුනා .. කාල නාල දෙකට විතර පොතක් අතට ගත්ත . හතාමරට විතර ගියා චමිලයලගෙ ගෙවල් පැත්තෙ ..ඕමියක් ගහන්න එහෙමත් නැතිනම් කාඩ් සෙල්ලම් කරන්න . එකොලහමාරට ගෙදරට ආව . ඒ එද්දි ඕන්න අර "සෙන්ට් ඕස් " එක ඩවුන්ලෝඩ් වෙලා ඉවරවෙලා තිබුන නිසා .ඒකත් ඩිස්ක් එකකට රයිට් කරගෙන ඉන්ස්ටෝල් කරල පොඩි කමාන්ඩ්ස් ටිකක් ට්‍රයි කලා .  ඊට පස්සෙ කාලෙකින් ගියෙ නැති නිසා එෆ්.බී එක පැත්තටත් ගොඩ වෙලා  දැන් මේ බ්ලොග් කේස් එකේ... මම දැන් හිතාගෙන ඉන්නෙ මුලු දවසම් නිදි මරල ඇතිවෙනකල් නිදාගන්න .  එතකොට හෙට දවසත් ඉක්මනින්ම ගෙවිල යයි ..


                            කියන්න බැරි උනානෙ ..මම අලුත් ජොබ් එකත් නැවැත්තුවනෙ.. ඒක නවත්තන්නත් මාර ගේමක් දුන්නෙ ..මම ගෙදරට කිව්ව වටරප්පල රොඩ් එක හරියෙ එකෙක් එක්ක පොඩි වලියක් සෙට් වෙලාතියෙන්නෙ මටනම් යන්න බැහැ වැඩට කියල .. යාන්තම් ගැලවුනා .  අපේ කොල්ලන්ට සීන් එක කිව්වහම උන්නම් කිව්වෙ ‍තෝ මේ හිනාවෙවී කිව්වෙ පස්කාගෙන අඬන්න ඕන වැඩක් , උඹ ලැජ්ජවෙන්න ඕනෙ උඹ ගැනම කියල .  ඒත් ඉතින් මට එච්චර ලැජ්ජාවක් නෑ නෙ . හැබෑ හැමෝම හිතාගෙන ඉන්නෙ ජොබ් එකක් නොකර ගෙදරට වෙලා ඉන්න එක හරි ලේසි වැඩක් කියල ..ඒ ක ඉතිං ඉඳලම බලන්න ඕනෙ . හා දැන් බලමු මං දිහා  ..ඉස්සරනම් දවල් දෙකට බෝලගන්න ගිහින් හවස් වෙලා ගෙදර ඇවිත් පාඩුවෙ ඉන්නව . ඊට පස්සෙ උදෙන්න්ම ඇහැරිලා කොහේ හරි යනව . ඒත් දැං  ....එක කොල්ලෙක් නෑ බෙහෙතකට හොයාගන්න . ඔක්කෝම එවුන් ජොබ් කරනව . මම ඔහේ භූතය වගේ පංති යනව .ඒකත් සෙනසුරාද ඉරිද විතරයි.. ඇවිත් කොල්ලොටික වැඩ ඇරිල එනකල් ඉන්නව පොඩි කයියක් ගහන්න . ඕමියක් ගහන්න,  මට තියෙන අවුල ඔය මොකක්වත් නෙවේ ..අපේ සෙට් එකම එක ලඟ ලඟම ජොබ්ස් වලට ගියෙ . උන්ට එදිනෙදා වියදම් වැඩි උනා ..අරව කරන්න , එහෙමෙහෙ යන්න ,කෙල්ලන්ව නළවන්න .. ඉතිං ඒව නිසා උන් ගියා සල්ලි හොයන්න . නැතුව උන්ටත්  කන්න බොන්න නැති උනේ නෑ .......වෙන අරමුණක් තිබුනෙත් නෑ . ඒත් දැන් උන් හැමෝම වෙනස් වෙලා .. ඉස්සර අපෙ එවුන්ට පොර ටොක්ස් දෙන්නෙ මම .. දැන් උන්ට මාව නිකම් හුරතලෙක් වගේ ..හිහ් ..අනේ මන්ද . මම  ඉක්මනටම නැවතුනා ජොබ් එකෙන් .. උන් දැන් නිකං මැශීන්ස් වගේ ..උදේ යනව , ආයෙ හවස එනව ..මල් කඩනව , නිදාගන්නව  ,,ආයෙමත් උදේ යනව ..............

                             අපේ සෙට් එකේ ඉන්නව තව ඔය මනෝවිජ්ජා කාරයො , කවුන්සලින් පිස්සො , නායකත්ව පුහුණු , ඩේල් කානගී අරහෙ මෙහෙ එක එක ජීවිත රහස්  , දියුණුවේ
 රන් දෝර‍ටු  කියාගෙන මොකක්දෝ  "සාර්ථකත්වය "  කියල රෙද්දක් ගැන . අනේමන්ද මාත එක්ක එකට හිටපු . අපේ ගෙද මගේ කාමරේ එකට මගේ අතින් බත් කට කට කාපු කොල්ලො ඔක්කෝම එවුන් මං දිහා දැන් අමුතු අමුතු තාලෙට බලනව කියල හිතෙනව . ඔක්කොටම වඩා මගේ බුලත් විට කෑම , සරම් ඇඳීම උන්ටත් දැන් අප්‍රිය වෙලා ..  ඇත්තටම කියනවනම් උන් දැන් "වෙන්ට පොශ් " කොල්ලො . හපොයි මම විතරක් ගොඩය වෙලා ... අනේ මන්ද මට රස්සාවක් ගැන හිතන කොටත් ඇඟ හිරි වැටෙනව මේ දවස් වල ඇයි දෙයියනේ විසි දෙකෙන් තුනෙන් රස්සාවල් ක්‍රන්න ගත්තහම අවුරුදු කීයක් කියල කරන්නද  ? මේ මොන ජීවිතයක් ද ?

කොයි කොල්ලටත් ජොබ් එකක් කරන්න වෙනව . මේ කලෙ හැටියටනම්  කෙල්ලන්ට උනත් එහෙමයි . අපේ කාලෙ ගැන කවර කතාද එතකොට .. ඕක නොතේරෙන්න මම හරකෙක් යෑ .. මට තියෙන අවුල ඕක නෙවේ .. මම ආසයි මේ ලයිෆ් එක  "රස්තියාදුකාර" එහෙමත් නැතිනම් අපේ අම්ම කියන විදියට  " කාලකණි " ජීවිතය ටිකක් විඳින්න . ඒත් මොනව කරන්නද  පස්මහ බැලුම් බලල ඉපදෙන්න බැහැනෙ අපිට .. උසස් පෙළ ලියල එදාඉඳන් අර කෝස් මේ කෝස් කලේ රස්සාවක් හොයාගන්න නේ  .. රස්තියාදු ගැහුව , ඒත් ඉතිං ම මොනව හරි දෙයක් ඉගෙන ගත්තනෙ ..මමත් මේ කෝස් එකත් ඉවරවෙලාම ජොබ් එකක් හොයාගන්නව .. මේ අවුරුද්ද විතරයි ..නිදාගන්නව ,රස්තියාදු ගහනව වැඩි වැඩියෙන්  මේ මාස පහේ  ...

                                           මේ කාලය ඉගිලෙන කතන්දරේ  මගේ හිතේ කොනක තියෙන්න ඇති . ඒක තමා අර මගේ ඩෙස්ක්ටොප් එකත් මේ වගේ හැදෙන්න ඇත්තෙ .. මොනව උනත් දැනට ශේප් එකෑ හිටියට අයියල බැඳල ගියාට පස්සෙ අම්මව ,නංගිව බලාගන්නත් ඕනනේ . අනේ මන්ද මොනව කරන්නද  සංසාරේ හැටිනෙ .  මේක ඉතින් දැක්කට පස්සෙ අසූහාරදාහට නගින්නත් ඉඩ තියෙනව ගොඩක් අයට .. මේ කිව්වෙත් මගේ හිතේ තියන දේවල් වලින් බොහොම ටිකයි ..කාට හරි මේක දැකල හිතුනොත් මූනම් මහාඅ කාලකණි  කම්මැලියෙක් කියල ...ඇත්ත සහතික ඇත්ත ..ඒත් රජෝඅ උඹ හිතනවාට වඩා සියදහස් ගානක් කම්මැලියි .....

අයියල කියන්නෙ මොකක් හරි තමන්ගෙම දෙයක් තමා මට හරි යන්නෙ කියල ,  පෙළක් වෙලාවට අපේ අම්ම කියනව මූට හරියන ජොබ් මවන්න ඕනෙ කියල .. වැඩක් නෑ ඔය දෙකම එකම වදයක් ඔලුවට හිතට ................ඒ මේ ..ආස නැද්ද බං වැද්දෙක් වෙන්න උඹට ?