Thursday, July 7, 2011

අවසාන පරීක්ශණය

කාලෙකින් මොනවත් ලිව්වෙත් නෑ ..මට මේ බ්ලොග් කෙරුවාව ගැන හරියටම අදසක් නෑ . මොනවද බ්ලොග් එකක ලියන්න ඕනෙ  ? අනේ මන්ද. මම ඔහේ ලියනව ඒත් ඒ මොනවද? ඇයි මම ලියන්නෙ ? මොකද්ද මගේ අරමුණ ? මචං ,යාළු ,අඩෝ කියන්නෙ කාටද? මේවට මං ලඟ උත්තර නෑ . ඔන්න අද බ්ලොග් එක එක බැලුව . යාලුවන්ගෙ පෝස්ට්ස් බැලුව . දැන් මම අනාතයි. මෙච්චරද අදට ? මේකද බ්ලොග් ලියනව කියන්නෙ . ? ඉඳල ඉඳල ආපු එකේ මොනව හරි ලියන්නත් ඕනෙ . එහෙම නීතිය්ක් නම් නෑ .ඒත් ආයෙ කවද මේ පැත්තෙ එවෙයිද?  චික්  ..හැමදෙයක් ම වගේ මේකත් මට එපාවෙයිද ?



ලස්සනට මගේ බ්ලොග් එක ඩිසයින් කරගන්න තිබුණනම් කොච්චර එකක් ද . මම කොච්චර හිතුවද,කීදෙනෙක් ගෙන් ඇහුවද ඒත් මට බැරි උනානෙ . කොහෝ උනත් පසුබිමටවත් හරියන රූපයක් හොයාගන්න බැරි උනානෙ . හිහ් ඒත් එකපාරටම මම මේ හොයාගත්ත ෆොටෝ එක ?  ෆොටෝ එකක් ‍තෝර ‍තෝර ඉන්නැද්දි මට හිතට ආව පිංතූරය තමා මේ .ඡායාරූප සංගමය කියල එකක් ඔලුව උඩ තියාගෙන කොයිවෙලේ හරි උසස්පෙළ අනාගනියි කියල අපේ ගෙදර හැමෝටම බය ගේන ඉරේශිකා නංගිගෙ කැමරාවක් උස්සගෙන මහ රෑ ගේවටේ කැරකි කැරකි පසුතල හොයාගෙන ගිය මට අහූනේ මේක තමා . අපේ මැලේසියන් රඹුටන් ගහ .

 මචෝ උඹල තනිවෙන්න ආසද? එහෙමනම් කැමතිම තැන මොකද්ද? හරි මම කියන්නම් . මට එහෙම තැන් තුනක් තියෙනව. එකක් තමා මුදුදු වෙරල.  මම ඕනම වෙරලක් ලඟට වෙලා ඉන්න ආසයි . ඒත් අපේ පැත්තෙ එහෙම තැනක් නෑ නෙ . පංති යන දවසට මුහුද පේනව . ඒත් යන්න විදියක් නෑ . එහෙම කරන්න පංතිය කට් කරන්නම වෙනව . ඉතිං මම එහම් නොකර ඉන්නෙත් නෑ . මේ දවස් වලනම් සති දෙකකට සැරයක් විතර මම යනව . අලුත් විභාගෙ ලියන්න පංති යන්න වෙලාතියෙන්නෙ මුහුදු සයිඩ් එකේ හින්ද.   ඊලඟ තැන තමා  අපේ පොඩි ඉස්කෝලෙ කොස්ගහ.  අනිත් තැන තමා  මේ අපේ මැලේසියන් රඹුටන් ගහ.  ඉතිං දැන් උඹට තේරෙනව ඇතිනෙ ඔය ගෝල්ෆෙස් එකටයි ,කොස් ගහටයි , රඹුටන් ගහටයි කථාකරන්න පුලුවන්නම් කියයි මගේ මුලු සාහිත්‍යයම. ඒත් ඉතිං මුන් තුන්දෙනාම මගේ යාළුවො . එක දෙක තුන කියල කියන්න බෑ. හැබෑ ඉතිං රඹුටන් ගහ තමා පරණම එකා. 

මට පොඩිකාලෙ ඉඳලම තිබුනෙ හමුදා පිස්සුවක්!!! ඉතිං මට තියෙන සෙල්ලම් බඩු හැම එකක්ම තුවක්කු. පුංචි පබලු බෝල දාල වෙඩි තියෙන තුවක්කු තමා මගේ ආසම වේපන් එක. ඉතිං ඉස්සර මම වගේම ඔය ගහත් පුංචියි . යාන්තමට මාව කරේතියාගන්න ඌට හයිය තිබුන. බ්ලොග් එකට අහුවෙලා තියෙන්නෙ කොලයක් විතරයි . ඒත් බැලුවොත් පේනව ලාවට පාර යනව ඉස්සරහින් . ලාවට වගේ පංසලේ තාප්පෙ ලන්නින්.   පාරෙ යන සතුරන්ට වෙඩි තිබ්බ මගේ ස්නයිපර් පෝශන් එක තමා රඹුටන් හගේ කරටිය. දැනුත් ඉතිං මම ඔය ගහටම නගිනව .හැමෑ ඉතිං දැන් ස්නයිපර් එකක් නෑ . අයිපොඩ් එකකුයි බුලත් විටකුයි විතරයි .

ඉස්සරාම්මල ගෙන් බැනුම් අහල ,ගුටි කාල කේන්ති ගියහම මම ගහට නැගල ඇඬුව. මැච් එකක් පැරදුනහම ඔය ගහයටට වෙලා මම පැයගනන් දුක් උනා . ඔය ගහයටට වෙලා පාඩම් කලා . එකොලහ වසරෙ ‍ටුශන් පංතියෙදි එයාව දැක්ක දවසෙ ඔයගහ යටට වෙලා හීන මැව්ව . එයාම අන්තිම පාරට දැක්ක දවසෙ ඔය ගහ ලඟට වෙලා මම අහස පොළොව ගැට ගැහුව . උසස්පෙලට පංතියද්දි එයාවම ආයෙමත් දැක්කට පස්සෙත් ඔය ගහලඟටම වෙලා මම කල්පනාකලා , දුක්වුනා , සැනසුනා .  ඒවගේ තව කෙනෙක් ගැන හිතුන්නහමත් මම තාමත් ඌත් එක්කම කියවනව . ඉඳල හිටල බොන දවසටත් එදාට පහුවදාත් ඌත් එක්කම ගොඩාක් වෙලා හිටිය . මං ගැන ,මගේ ලෝකය ගැන මගේ  සිතුවිලි ගැන ඌතරම් දන්න අය අඩුයි . කොච්චර රස්තියාදු ගැහුවත් ,මිනිස්සු ,යාලුවො එක්ක හිටියත් මට මගේම සහෝදරයෙක් වගේ දැනුනෙ ඌ විතරයි .


මම අහල තියෙනව සමහට විශේශ කාර්්‍ය බලකායන් වල සෙබලුන්ට අවසාන පරීක්ශනය වශයෙන් පුහුණුව ආරම්භයේදි හුරතලෙක් ඇතිකරන දීල ඌව මරන්න කියනවලු . මමත් ඒ දවස්වල ඉඳලම සෙබලෙක් වෙන්න ආසකලාට බැරිඋනා .අපේ ගෙදර අය ඉඩ දුන්නෙ නෑ. පංතියෙදි කෙල්ලන්ට රබර්පටි වලින් විදින එක තමා කරපු මෙහෙයුම . ඒත් ඒකත් ට්‍රස්තවාදී මෙහෙයුමක්. ඒත් මට අවසාන පරීක්ශණයට පෙනී හිටින්න මේ ලඟදි අණ ලැබුන අපේ අම්මගෙන් ...මගේ රඹුටන් යාලුවව කපන්න කිව්ව . මම මග ඇරල ඉන්නෙ මේ දවස් වල . මම කොච්චර කෑගැහුවත් වැඩක් උනේ නෑ ... ඒත් තාමත් මම විකල්ප හොයනව . රංඩු කරණව.

ගහක් මේතරම් මගේ හිතට කොහොම ලංඋනාද කියල දන්නෙ නම් නෑ . මේව අපෙ ගෙවල් වල අයට ,කොල්ලන්ට කියන්නත් බෑ . මේ ගහ කපපු දවසට එතනින් යන එන එක ලේසි වෙන එකකුත් නෑ..


ඇවිදින් ගිය සැම වගේම
උඹත් මාව හඬවනබව
හිතට මගේ දැනෙනවා
හුස්ම කීරි ගැහෙනවා


උඹ තරමට මා දන්නා
කිසිවෙක් කොයි දෙසේ ඇත්ද
මගේ අතින් පන නසන්න
උඹෙන් වෙච්ච පව මොකද්ද


මගේ මතක උඹ ගාවයි
ලඟ ඇත්තේ දුක පමණයි
උන්ට උඹව දර පමණයි
උඹෙත් මගෙත් පෙම ඉවරයි

1 comment:

  1. මල මගුලයි. දැන් මොකෑ කොරන්නේ....? උඹ උපවාසයක් පටන් ගනින්... ඒක තමා එකම විසඳුම...

    ReplyDelete