Sunday, June 12, 2011

නිවාඩුව !!!!!

මළ ගෙවල් වල නිදිමරණ මගේ මහ ජරා පුරුද්දක් තියෙනව . ඒකට ඉතිං ජරා පුරුද්දක් කියන්නෙ මම නම් නෙවේ ..අපේ ගෙදර අය . කොහොම උනත් අපි ඉතිං ගමේ ගොඩේ කොල්ලො නිසා ඕවැ ගාණකුත් නෑ . මට හිතෙන හැටියට තවත් මිනිහෙක්ගේ නිවසකට අවසරයක් ඕන නැති එකම අවස්ථාව තමා මළගෙයක් කියන්නෙ. ඒත් ඉතිං අම්මල නම් කියන්නෙ ඕක මම නිදහසට හදාගත්ත කාරණයක් කියල .එහෙම කිව්වහම මම ආයෙ උත්තර දෙන්න ගියෙනෑ .ඒත් ඉතිං මට කේන්ති ගිය වෙලාවට කියනව " තාත්තගෙ මළගෙදරට තරම් සෙනගක් මන්ත්‍රී කෙනෙක්ගෙ වත් ආවද? අපේ උදව්වට කීදෙනෙක් ආවද" කියල .ඒ වෙලාවට නම් කට්ටිය සද්දයක් නෑ .මට මොන මිනිහ මළත් ඒ හැටි දුකක් නෑ .දුකක් තිබුණත් ජීවිතේට අඬලත් නෑ .මැරෙනව කියන එක මම දකින්නෙ සෙනසුරාදා දවස වගේ ...නිවාඩුවක් !!! .මෙහෙම කිව්වට මම අවස්ථා තුනකදි පපුව බලෙන්ම වගේ හිරකර ගත්ත .ඒත් අඬන්න තරම් හිතුනත් වෙලාවක් නැති උනා එහෙට මෙහෙට දුවලම . ඒ මගේ තාත්ත , සීය , යාලුවා සමන්ත කියන හද බැඳියන්ගේ නිවාඩු දිනයන් වල . ඒ ඇරුනහම කිසිම මරණයක් මට දුකක් ඉතුරු කලේ නෑ .

කවදාවත් හිතපු නැති විදියට මම නාඳුනන හිතවතෙක් ගෙ දැනට නොගත් නිවාඩුවක් වෙනුවෙන් දුක් වෙන්න වෙනව . දුක්වෙනව .
                            ඔහු
                            හෙට හෝ අනිද්දා
                            කැඳවුම් ලැබෙනතෙක් බලාසිටින
                            දෙව් ලොවේ පුර වැසියෙක්
                            මහපොළොවේ ඔත්තු බලන්නෙක්

නාඳුනා   අයෙක් කිවුවෙ ඔහු සමග කතාකර ඇත්තේ එක දවසක් පමණක් නිසා .ඇත්තෙම්ම අපේ ගමට අලුතින් කුලියට ගෙයක් අරන් ආව අයිය කෙනෙක් ! හොඳ මිනිහෙක් .

මාස තුනකට කලින් දවසක් අපේ ලොකු අයිය හීන් දාඩිය දාගෙන ආව මගේ කොම්පූටස් එක තියෙන කාමරයට . අනේ මාර කේස් එක බං ෆෝන් එක නැති වෙලා කියල . ඕක ගන්න මිනිහ මාර සල්ලියක් පිච්චුව . මාස ගාණක් බඩට නොකා සල්ලි එකතු කලේ . නිව්ස් එක අහපු ගමන් මට දුක හිතුන . වැ‍ටුන දියහක් ,දාපු තැනක් දන්නෙ නැහැලු . මමත් එදා ගම වටේම හෙව්ව . කොහොම හරි එදා රෑ අර අයිය ඇවිල්ල මල්ලි ඔයගොල්ලො පාරෙ හෙව්වෙ මොකද්ද කියල ඇහුව මම කිව්ව අපේ අයියගෙ ෆෝන් එක වැටිල ඒකයි කියල. ඊට පස්සෙ මිනිහ කිව්ව දැන් මිස්කෝල් එකක් ගහන්න කියල ..හප්පේ දැන් වැඩ භාණ්ඩෙ . ඊට පස්සෙ ෆෝන් එක දීල කිව්ව අයිති කාරයෙක් දන්නෙ නැති නිසා මම සිම් එක ගැලෙව්ව කියල . එහෙම කියල මෑන් යන්න ගියා තේ එකක්වත් බොන්නෙ නැතුව .


ඔහොම මාසයක් විතර ගියට පස්සෙ දවසක මම ක්‍රිකට් ගගහ ඉන්නැද්දි මගේ
කකුල කැපුන ඇඟිලි දෙකක් වෙන් වෙන්නම . කොල්ලො ටික පිස්සුවෙන් වගේ කෝල් කරනව ත්‍රීවීල් වලට ..මම දත්මිටි කාගෙන..අර අයිය ඇවිත් තමා ඇඟිලි ටික අයිස් උරේක දාගෙන දඩි බිඩි ගාල   හොස්පිට්ල් එකට ගිනිහින් තියෙන්නෙ . කොහොම හරි ගෙදර ආවට පස්සෙ තමා හිත හදාගත්තෙ ඇඟිලි තාම තියෙනව කියල ..කොල්ලොත් දවසෙම ඉඳල තනි ‍රැකල ගියාට පස්සෙ එදා දහයට විතර අර අයිය ආව පළතුරු ටිකකුත් අරගෙන . ආ මල්ලි  එන්න බැරි උනා නෙ  කියල .ආපුගමන්  ඕන්න එදත් පුරුදු විදියටම තේ එකක්වත් බොන්නෙ නැතුව ගියා ..මට දැන් මාර අවුල් මිනිහගෙ හැසිරීම ගැන මම අපේ කොල්ලන්ටත් කිව්ව සීන් එක . උන් කිව්ව පවුල් ප්‍රශ්න බන් කියල .මම එහුව මොකද බන් කියල ..උන් කිව්ව ඒ ගෑණි මිනිහට ගෙදරින් එළියට බහින්න දෙන්නෙ නෑ කියල.  එතකොට මං කිව්ව මේ යකා බන් තේ එකක් තියා අවතුර ටිකක්වත් බොන්නෑනෙ ගෙදරින් කියල .උන් කියාව යකෝ මිනිහ තව මිනිහෙක් ලඟට එනවට වත් කැමති නෑ අඩුම ගානේ ගෑනිටත් ලඟින් යද්දි බනිනව ..උඹේ කකුල කැපුන දවසෙ තමා චුට්ටක් හරි මිනිස්සු ලඟට ආවෙ . නැත්තං ජනේලෙන් ඔලුව දාගෙන බෝල ගහනව බලාගෙන් ඔහේ ඉන්නව කියල .


ඕං කකුල  ටිකක් බිම තියන්න පුලුවන් වෙච්ච ගමන් මම ආයෙ ගියා ක්‍රිකට් බලන්න . හරි යටම හොඳ වෙනකල් සෙල්ලං කරන්න බැරි නිසා . ගෙදර ඉන්න කම්මැලි නිසා . පිට්ටනියෙ ඉඳගෙන ඉන්නැද්දි මට පේනව දැන් අර අයිය කොල්ලො සෙල්ලං කරන දිහා බලාගෙන ඉන්නව ජනේලෙන් එල්ලිල. ගෙදර යන ගමං ඉතිං මමත් මනුස්ස කමට ආ අයියණ්ඩී කියාගෙන යනව .මිනිහත් මලෝ කියල කට පුරා හිනාවෙල කියනව .මම යන ගමන් හිතනව යකෝ  ගෑනුණ්ට බය වෙනවද මෙහෙමත් මිනිස්සු , මූ ජොබ් එකක් කරන්නෙ නැද්ද , අර ළමයි ඉගෙන ගන්නෙ අර අක්ක ඇඳු මහල හොයන සල්ලි වලින්ද ..කොච්චර හොඳ එකෙක් උනත් අලිය වගේ ඉන්නෙ මූ මාර පිං බතෙක් නෙ  කියල .ඇත්තටම මිනිහ අලියෙක්ම තමා  අඩි හයක් නම් උස ඇති . හරියටම සුද්දෙක්  වගේ හැබෑ මුස්ලි මිනිහෙක් වගේ ‍රැවුල් වවල .වයස නම් තිහක් තිස්පහක් විතර ඇති .

එදා මම පංති ගිහිල්ල ගෙදර ආව .කුසිය පැත්තෙං ගෑණු කෙනෙක් මරෝ තියල අඬනව ..මම දඩ බඩ ගාල දිව්ව කුස්සියට . අර අයියලගෙ අක්ක.. ඕං මාව දැක්ක ගමන් අම්ම කිව්ව ආ මේ ඇවිත් ඉන්නෙ පුතා කියල .මට අම්ම කිව්ව මෙහෙන් ඉඳගන්න කියල. අක්කත් කඳුලු පිහිදගෙන අඬන එක නවත්තල කිව්ව " මල්ලි අපේ එක්කෙනා එක්ක කතාවට යන්න එපා , එයා ලඟට වත් යන්න එපා" කියල . මං ඇහුව ඒ මොකෝ කියල . ඊට පස්සෙ ආයෙමත් වැලහින්නක් වගේ පැයබාගයක් විතර අඬල තමා විස්තරේ කිව්වෙ

මීට මාස ගානකට කලින් එයාව  බල්ලෙක් කාල තියෙනව. අතේ යාන්තමට දත් පාරක් විතරක් වැදුන නිසාත් නොදැනුවත් කම නිසාත් ගනකට අරන් නැහැ. ඒත් මෙහෙට එන්න මාසෙකට කලින් එකපාරට අමාරු උනාලු .දැන් දොස්තරල කියනවලු අර බල්ල පිස්සු බල්ලෙක් කියල , හොඳ කරන්න බෑලු. ඒකයි ගෙදර එවල තියෙන්නෙ . එයා කන බොන කිසිම දෙයක් අනිත් අයට අල්ලන්නවත් හොඳ නෑලු . අද වෙද්දිත් මෙහෙත් විදින්නෙ විකුණපු ගේයි ඉඩමෙයි සල්ලි වලින් ලු .රටේ නම ගිය වෙදෙකුත් කිව්වලු හෙට අනිද්දම මැරෙනවා කියල .තවත් වෙදෙක් කිව්වලු මේ විශ්බීජයක් නිසා කියල . සාස්තර කාරයෙක් කිව්වලු  මම බේරල දෙන්නම් කියල .එහෙම කියල අන්තිමට කිව්වෙ අනේ ඔයාල තරහවෙන්න එපා මෙහෙම ලෙඩක් තියාගෙන  මොකටද ගෙවල් ගානෙ එවුවෙ කියල .මම මොනව කරන්නද එයා කියනව මේ බෝවෙන ලෙඩක් නෙවේ , මගේ කරුමෙට ආපු විශබීජයක්  මට අන්තිම කාලෙවත් පුලුවන්නම් නිදහසේ ඉන්නදෙන්න කියල . ඒ වෙලා වට පොඩි එකාවගේ අඬනවලු  මට වහටිකක් ගෙනත් දෙන්න කියල . අර අපේ අයියගෙ ෆෝන් එක අහුලලා තියෙන්නෙ අක්කලු. ඔය අපි හොයනව දැකල අක්ක උයන ගමන් හොරෙන් ඇවිත් දීල ගිහින් තියෙන්නෙ . ඉස්සර ඉඳන් කාට කරදරයක් උනත්  උඩ බොම බලාගෙන ඉන්නෙ නෑලු . අක්කගෙ බලේටමලු එයාල කසාද බැන්දෙත් . ඒ අයිය අක්කලගෙ ගෙදර ඩ්‍රයිවර් ලු .  ඔහෝම දිග කතාවක් කියාගෙන ගියා  ,ඉකිගගහ  එකපාටටම  ආයෙමත්
මට කව්ද ඉන්නෙ දෙයියනේ ...............කියල විලාප දුන්න
අදත් සෙල්ලං කරල එනගමන් මම පුරුද්දට වගේ අර ජනේලෙ දිහා බලනව ..දැන් දේශීය වෙදකම  අනේ හෙටවත් ආ...........මල්ලියා !!!
කියන්ඩ ඔය අයියන්ඩි කොහොම හරි එනවනම් ...එහෙම කියන්නෙ උඩු හිත ..ඒත් යටිහිත දන්නව  මේපාර නම් අයියන්ඩි නිවාඩු යන බව ..
මේ ආදර කතාව , ජීවිත කතාව ඇත්තෙන්ම මාව අන්ද මන්ද කරනව ..
මට මතක් වෙනව සනත් නන්දසිරි මහත්තය ගයන " එදා මෙදා තුර " ගීතය .. අද මේ අක්ක හුස්ම ගන්න අයිය දිහාබලාගෙන හුල්ලනව ඇති
" ඊයේ ඉපදී අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන් ලයේ
  හීයේ වේගෙන් අහස උසට බැඳි ආදර ලෝකය හෙටත් තියේ"





                                   
                                                                                                               
                                              ..

No comments:

Post a Comment