Wednesday, June 1, 2011

පුංචි කැලේ ............

මේ කියන්න යන්නෙ මාස ගානක් පරන සීන් එකක් . අද කියන්න හේතුව පස්සෙ කියන්නම් .එදා  උදෙන්ම ගියා ටිකක් පාර පැත්තට..පාර පැත්තට කිව්වෙ ත්‍රීවීල් පාක් එක පැත්තට.ඔහේ හිටිය ටිකවෙලාවක් නාමලයගෙ වාහනයට වෙලා..ඔන්න එකපාරටම රාජ අයිය දැකල නාමලය කෑගහනව "ආ රාජෝ දඩයමේ යනව වගේ" කියල ..ආයෙමත් නාමලය "පොඩි කැලේටද , ලොකු කැලේටද .." රාජ අයියා  කිව්ව " පොඩි කැලේට  " කියල..දැන් ඉතින් මට මාර ප්‍රශ්නෙ. දඩයමේ යන කතාව මම දැනගෙන හිටිය ..ඒත් මුං මේ කියන පොඩි කැලෙයි ලොකු කැලෙයි මොකද්ද කියන එක මට මාර අවුලක් ..ඇයි බොලේ මෙච්චර රස්තියාදු ගහන මට මේව මග හැරුනෙ කියන එක මට හිතට මාර මදි පුංචි කමක් උනා.. දැන් මට නාමලයගෙන් අහන්නත් බෑ මොකද්ද මේ වනන්තර කතාව කියල ,ඇහුවොත් ඌ මට චාටර් දායි අප්පෝ උඹල කොහෙද බං ඉන්නෙ පොඩි එවුන් වගේ නෙ ..කියල පටං අරං කලිසම ගලවනව මගෙ පාක් එකේ එවුන් ඉස්සරහ ..අම්මෝ මට මතක් වෙද්දිත් ඇඟහිරිවැටෙන්ව මුගේ හැකර කට..ඒ හින්ද ඔන්න එදා මාත් ජාමෙ බේරගන්න එතනින් කැපිල ගියා ...

මේ අහපංකො යාළුවා ...ජාතක කතාවක් නොවුනට මේ දැන් කියන්න යන්නෙ මේකෙ වර්තමාන කතාව ..අදත් ඔන්න මම අන්ත අසරන වෙලා ,ආත භූත නැතුව ගියා එල්ලෙන්න වැලක් හොයාගෙන අපේ පුංචි සිදාදිය පැත්තට ..නගර සිරි බල බලා මම මගේ පාඩුවෙ හිටිය ...එක පාරටම චටාස් ගාල මගේ පිටට ගැහුව එකෙක් .ඇඩිනරීන් ටික ශනික පටස් ඇක්ටිව් වෙලා බැලුව පිටිපස්ස හැරිල ..දඩයක්කාර රාජා !!!! මල්ලි මොකද කියන්නෙ යමුද පොඩි ‍ටුවර් එකක් ..බෑ නොකිය පොඩි සප් එකක් අපිටත් දියන් බන් ..ඕන මගුලක් කියල මමත් ඇහුව කොහෙද  කියල ..පොඩි කැලේට බන් ..මාව දාල උඹ වීල් එක අරන් වරෙන් කියල..පොඩි කැලේ............යං මම එන්නම් කියල ඕන්න මමත් ගියා ..යං කිව්වට මම දන්නෙ නෑනෙ පොඩි කැලේ ..විනාඩි දහයෙන් අපි ආව පොඩි කැලේට ..අනේ යකෝ මොකද්ද දන්නවද මෙ පොඩි කැලේ .."මොන්ටසෝරිය " ..ටිකක් වට පිට බලද්දි දැක්කෙ අපොයි මම අඳුරන හාවො ..මුවෝ ..ගොඩේ දඩයක්කාරයොත් ගොඩක් ඉන්නව ..,මං බොහොම ගරු කරපු නැන්දල ,අක්කල ගොඩක් මේ පුංචි කැලේ ගොදුරු වෙලා හිටිය ..ටිකක් කල්පනා කරද්දි තේරුනේ මටනම් මුං දෙගොල්ලොම දඩයක්කාරයො කියල ..මගේ බොක්ක සීතල වෙලා ගියෙ රාජයියගෙ දඩයම දැක්කහම.ඒ අපේ ගුරුතුමෙක් ගෙ නෝනෙක් .ගමේ බොහොම නම්බුකාර කට්ටියක් .අද අතරමංවෙලා .මම තවටිකක් බලාගෙන හිටිය කොහොමද මෙහෙ තත්වෙ කියල .වැදගත් නෝනල .කාර්වල ඇවිල්ල ත්‍රීවීල් වල නැගල යනව.ත්‍රීවීල් වල ආපු සමහර දඩයක්කාරයො මුවත් එක්කම මුවාගෙ වාහනේම යනව සැප හොයන්න .බොහෝම සංකීර්ණ තත්වයක් තියෙන්නෙ මෙතන .මේ ගැහැණු ළමයින්ගෙ පංති ඉවරවෙනකල් ම මෙතනමයි .ඒ කිව්වෙ දවල් දොලහ විතර වෙනකම් ..මේ අතරෙ තමා මේ හැමදෙයක්ම වෙන්නෙ ..අපේ රාජයියගෙ වයස විසි පහයි ..උගෙ මුවාගෙ වයස තිස් පහක් විතර ඇති .මේකනම් මහ ජරා සීන් එකක් ..මටනම් හිතෙන්නෙ ලංකාව තව ටික කාලෙකින් ඇමරිකාවම වෙයි කියල .කියන්න නම් දේවල් ගොඩයි .මේ තාම එක කැලේනෙ .ඒකම මට ඇති උනා ඒත් අනිත් එකත් දැක්ක ගමන් කියන්නම් .රාජ එක්ක පස්සෙ දව්සක් සෙට් වෙලා ම සීන් එක හොයා අහගන්නව ..අප්පා මම අදත් අන්ද මන්ද උනා බං ..කවෘ ගැනද කියල දන්නවනෙ ..වැඩක් නෑ ඒ ගැන කියල..මිනිස්සු මැරිල මැරිල හම්බකරනසල්ලි වලින් මුන් සුදිය දානව ..අපේ එවුනුත් කාලකනි වගේ පාපෙටම යනව .මහ ජරාවක් ලංකාව දැන් .මම ගෙදර ආවට පස්සෙ හිතාගත්තෙ ආයෙනම් අරූ එක්ක යන්නෙ නෑ කියල ඒ පැත්තෙ .ආසාවල් වලට මෙහෙමත් තිරිහන් වෙන්න පුලුවන්ද බං ..මොකට උනත්

1 comment:

  1. ලාංකීය සිතුවිලි සිංඩියේ දැකලා මේ පැත්තට අවේ අලුත් බ්ලොගියක් නිසා කොහොමද බලලා යන්න! ජයවෙවා!

    ReplyDelete